Saturday, September 29, 2012

ලෝකල් ඇඩ් ක්ලික් ලණුව කෑවාද?...........


                                       

            ඉතිං කොහොමද මගේ මගේ යාඑවනේ ඇත්තටම අද අමුතු විදියේ ලිපියක් දාන්න හිතුනා ඇත්තටම අද දාන ලිපියට වඩා ගොඩාක් වටිනා ලිපියක් ලිව්වා එත් ඒක මගේ නොසැලකිලිමත්කම නිසා නැති වුනා කමක් නැ............. ලද දෙයින් සතුටු වෙමු වෙන මොනවා කරන්නද?............ අද මම කියලා දෙන්නේ ලොක්ල් ඇඩ් ක්ලික් ගැන කෙලින්ම කියනවා නම් මම කියන්නේ මෙක ගැන වර්නනාවක් නම් නෙවෙයි ඔයාලට මේ උගුලට අහුවෙන්න එපා කියලයි මම ඒ ගැන එකින් එක පැහැදිලිව තේරැම් කරලා දෙන්නම්.
ලිපිය ලියන්න කලින්ම කියන්න ඕන මේක විමසුම් බ්ලෝග් එකේ තිමිර මලයා ලෝකල් ඇඩ් ක්ලික් ගැන දාපු ලිපිය බලලා ලියපු එකක් නෙමේ තිමිර මල්ලි නිසා තමයි මම ඊ මනි ගැන ගොඩක් ඉගෙන ගත්තතේ එකා වගේම මමත් හැමදාම කියන්නේ ඊ මනි සල්ලි දිලා ඉගෙන ගන්න ඔන දෙයක් නෙමේ කියන මතේ සිටිය එක ඉතින් සොච්චම් පඩියට ජොබ් කරන එක යන මාතෘකාව යටතේ අපි දවසක් පොඩි සාකච්චාවක් දාගෙන ඉන්න කොට අපේ ගැස්තියෙක් කිව්වා ඉන්ටනෙට් එකෙන් සල්ලි හොයන වැඩක් තියෙනවා අපේ මලයාත් කරනවා එයා ලගදි බයික් එකක් ගත්තා කියලා යකෝ අපි දන්නැති ඊ මනි මොකක්ද කියලා බැලුව එක තමයි ලෝකල් ඇඩ් ක්ලික්




ඉතින් එහෙම කාලය යද්දි අපේ බැංකවට අඑත් අයියා කෙනෙක් සැපැත් උනා එයා රත්නපුරේ පැත්තේ මම මුලින් කියපු අක්කියා ගාල්ලේ යකෝ මේක රට වටේම ගිහින්නේ හොදට හොයන් ඔන හිතන් වැඩට බැස්සා අර අයියා උගේ තිබ්බ සල්ලි අරන් මම එපා කියද්දි 65 000 ක් ගිහින් දැම්මා උගේ යාඑවෙක් HYBRID එකක් ගත්තා කියල මම කිව්ව දේ සතේකට ගත්තේ නැ තොට හොදනම් මට මොකද ඔන්න ඕකයි උනේ................
සමහර අය මේකට බනිනවට කැමතිත් නැතුව ඇති මොකද මේක මේ ලිපිය ලියන අද දක්වා මෙම වෙබ් අඩවිය ගෙවිම් කරන නිසා මේක neobux clicksense වගේ බක්ස් වෙබ් අඩවියක් කියන්නත් පුලුවන් hyhip වෙබ් අඩවියක් කියලා කියන්නත් පුලුවන් neobux clicksense වගේ බක්ස් වෙබ් අඩවි සොච්චම් මුදලක් හරි ගෙවනවා කියමුකෝ ඒ වගේම මේවා අවුරැදු ගානක් scam නොවි තියෙනවා ඒවා අපිට මුදල් ගෙවන්නේ ඇයි උන්ට ඔච්චර සල්ලි කොහෙන්ද කියලත් ලිපියක් දැම්මා එක මෙතනින් ගිහින් කියවලම එන්නකෝ විමසුම් බ්ලෝග් ලිපියත් කියවන්න

localadclick.net කියන්නේ වෙබ් අඩවියක්.මේකත් හරියටම Bux අඩවියක් වගේම තමා.අපි කරන්න ඕන මෙයාලා දෙන ඇඩ් බැලීම.ඒ සදහා අපිට මුදල් ගෙවනවා.අපිට මෙම වෙබ් අඩවිය හරහා අප නරඹන එක දැන්විමකට $10 බැගින් ගෙවනා.මේකයි මේකේ යාන්ත්‍රණය.නමුත් මෙම වෙබ් Bux අඩවිය අඩවියකින් වෙන් වන්නේ මෙහෙමයි.මෙම වෙබ් අඩවියේ Register වීමට නම් අපි මුලින්ම Gold කියන Membership එක ලබා ගන්න ඕන.ඒ සදහා $500ක් මුලින් වැය කරන්න වෙනවා.එය රුපියල් වලින් රු.65,500ක් පමණ වෙනවා.ඉතිං මේ Gold Membership එක මාස 14ක් වලංගුයි.ඔවුන් මසකට ඇඩ් 20ක් ලබා දෙන අතර ඒවා බැලුවාම මසකට $200 බැගින් මාස 14කදී $2800ක් උපයන්න පුලුවන්.ඉන්පසු නැවත් Gold Membership එක ලබා ගන්න ඕන තව සිල්වර් පැලැටිනම් කියලත් Membership තියෙනවා එත් ලංකාවේ Gold Membership තමයි තියෙන්නනේ එහෙම උන හැටිත් ඉදිරියට කියාදෙනවා මෙනවා උනත් මෙයින් සිදු වන්නේ මුලාවක්.
මම මිට කලින් දාපු BUX සහ HYHIP අතර වෙනස ලිපියෙන් ඔයාලා දැනුමක් ගන්න ඇති කියලා හිතනවා ඇත්තටම ලෝකල් ඇඩ්ක්ලික් කියන්නේ BUX සහ HYHIP මේ දෙකේ මිශණයක් ඒ වගේම BUX සහ HYHIP වල තියෙන SCAM කියන ලක්ෂනයත් තියෙනවා............. ලෝකල් ඇඩ්ක්ලික් එකේ වෙන දේ විමසුම් කියාදුන්නනේ මට දැනගන්න පුලුවන් විදියට මේක රටවල් 98ක වගේ ව්‍යාප්ත උන දෙයක්ලු මේක කරන්නේ ආරාබි කාරයෝ  4ක් කියලා කථාවක් යනවා ඒත් ඒක මම දන්න හැටියට බොරැවක් ඒකට හේතව තමයි මුස්ලිම් ආගමේ නිතියක් තියනවාලු සල්ලි පොලි කිරිම වගේ වැඩ තහනම් කියලා ඉතින් එකේනුත් මුන් නංගි පෙන්නලා අක්කා දෙන්න තමා මුන්ගේ පැලැන විමසුම් අතින් ලියවුන නැති ගොඩක් දේවල් ලියන්න තමා මගේ බලාපොරොත්තුව මේකට වැඩිපුරම ලංකාවෙන් අහුවෙලා තියෙන්නේ ගාල්ල මාතර නුවර රත්නපුර වගේ අය වැඩිපුරම ඉන්නේ ගාල්ල මාතර අය ඒකට හේතුව උන්ට සල්ලි වැඩිකම නෙමේ දක්ෂණ ලංකා ආයතනය සල්ලි අරන් මේ බොරැව උගන්වලා කියලත් ආරංචියක් යනවා අනිත් හේතුව තමයි අපි කෙනෙක් ව හදුනවලා දෙනවටත් ගානක් ලැබෙන නිසා වැඩේ ජයට යනවා ලංකාවේ සමහරක් දන්නේ නැ ලෝකල් ඇඩ් ක්ලික් එකට වැඩිම ගානක් යොමුකරවන ඒකාට මරැටි කාර් එකක් දෙනවා කියලත් තියෙනවලු ඒ විතරක් නම් මැදැයි රෙප්ලා 500-1000 වගේ ඉන්න අයටත් අයිපැඩ් වගේ වටින කියන දෙවල් දෙනවය කියලත් කියන්නේ ඒක නිසා තමයි ඉක්මනටම මේකට කට්ටිය සෙට් වෙන්නේ...........

තාම මේක ස්කැම් නැහැ මේ ලිපියට ගොඩක් අය මට බනිවි කමක් නැහැ මේකෙන් මට කිසිම වාසියක් නැහැ ඔයාලා පොඩ්ඩක් හිතලා බලන්න අපි බලන එක දැන්විමකට $ 10 ක් ගෙවනවා නම් අඩුම තරමේ ඒ දැන්විම අයිති ආයතනය ලෝකල් ඇඩ්ක්ලික් ආයතනයට $ 12 ක් වත් ගෙවනවා ඇතිනේ ඉතින් ලෝකල් ඇඩ්ක්ලික් අඩවියට එන අය ඔය දැන්විම් බලන එකෙන් දැන්විම අයිති ආයතනයට වැඩක් වෙයි කියලා හිතෙනවද ටිකක් කල්පනා කරලා බලන්න මොකද ලෝකල් ඇඩ්ක්ලික් එකට යන්නේ සල්ලි හොයන් මිසක් ඇඩ් බලන්න නෙමේ දැන්විම අයිති ආයතනයට ගූගල් එකට දුන්නා නම් ඔයිට වඩා හොද ප්‍රචාරනයක් ගන්න පුලුවන් කියලා ඔයාලට තේරෙනවා ඇති එහෙම දැන්විම් දාන්නේත් ඔබ මුලා කරන්න කියලා මතක තියා ගන්න ඒ වගේම මේකේ තියෙන බරපතල කම ඔයාලා දන්නේ නැතිව ඇති.
මේක ලගදිම ස්කැම් වේවි එතකොට ඔයාලගේ සල්ලිත් නැති වේවි ඒ විතරක් නම් කමක් නැ පොලිසියටත් සමහර අය යාවි ඔවයින් වෙන්නේ ලංකාවේ ඊ මනි කියන දේ නැත්තටම නැති වෙන එක රජය එක එක නිතී රීති දාවි ඇත්තටම ඊ මනි කියන්නේ ඇඩ් බලන එකට වත් සල්ලි දිලා මේවගේ උගුල් වල පැටලෙන එකවත් නෙමෙයි හොදට මහන්සිවෙලා වැඩකරන්න එක එක කලුකඩ වලට අහුවෙන්න එපා iplusblog vimasumblog කියවන්න ඔයාට ඕනම පුරස්නයක් geek.lk එකෙන් අහන්න facebook එකේ srilanlankan emoney , fiver help ,online help ,lanka salli මේවගේ ඊ මනි කරන අය ඉන්න group වලට සෙට් වෙන්න නොදන්න දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න දන්න දෙයක් තියෙනවා නම් ඒකත් කියන්න නෙත් fm බැලුම්ගල ලෝකල් ඇඩ් ක්ලික් විඩියෝ එකත් දාන්නම් ඒකත් බලලම තේරැම් ගන්න ඇත්ත මොකක්ද කියලා තවත් ලිපියක් දාන්න උනොත් මේක ගැන දාන්නම් මමනම් මේ හැමෝටම කීයක් කීයක් හරි හොයාගන්න පුලුවන් වේවා කියලා හිතගෙනයි ලිපි ලියන්නේ. මං ජීවිතේ ගොඩක් දේවල් නැති කරගත්ත කෙනෙක්. ඒ නිසා ප්‍රාර්ථනා කරන්නේ නෑ තව කෙනෙක්ට දෙයක් නැතිවේවා කියලා.ඒ නිසාමයි පනදාගෙන මේක කෙටුවේ වැඩ නැති කමකට නම් නෙමෙයි.ඒ වගේම අද අපේ රටෙන් පිටරටකට යන දෙයක්නම් නැ ඒකට විසදුමක් විදියට ලෝකල් ඇඩ් ක්ලික් හරහා පිටරටට සල්ලි යවන්න ලැස්තිවෙන්න එපා ඔය පරසුද්දෝ අපේ රටේ තිබ්බ හැම සම්පතක්ම හුරන් ගියා දැන්වත් උන්ගෙන් දෙයක් ගන්න පුරැදු වෙන්න රටට ආදරය කරන්න අදට මම ගියා ඔයාලා කාටත් සුභ අනාගතයක් .....................................

10 comments:

  1. malli uba matath pahara gahuwa aaaa.....

    ReplyDelete
  2. ඇත්ත ඇති සැටියෙන් කිව්වා අයියේ.........

    ReplyDelete
  3. admin ඔව් කියලා තියනදේ ඇත්තද නැත්ද කියලා පස්සේ තේරේවි කමෙන්ට් කරාට ගොඩාක් ස්තුතිති

    ReplyDelete
  4. ඔයාට ස්ථිරෙටම කියන්නේ බෑනේ ඕක ස්කෑම් වෙයි කියලා. මටත් යාලුවෝ කතා කළා මාස5කට විතර කලින් මං නම් දැම්මේ නෑ සල්ලි නැති නිසා. එත් මේ වෙද්දී දාපු අයට ගොඩක් හොදයි. ඔය සයිට් එක තව ගොඩක් කල් තියෙයි වගේ.

    ReplyDelete
  5. Thanks yalu liyala kiyala dunnu hema dekatama..

    ReplyDelete
  6. admin =

    අනිවාරයෙන්ම සයිට් එක ස්කැම් වෙනවා එකේ කථා දෙකක් නැ ලංකාවේ හොදම මුල්‍ය ආයතනය වන boc එක උනත් එකේ ගනුදෙනු කාරයෝ ඔක්කෝම සල්ලි ගන්න අවෝත් වැටෙනවා දැනට එයාලගේ වත්කම රැපියල් ටිලියනයක්ලු එත් එක වෙන්නේ රජයේ ගිණුම් ගොඩක් තියෙන නිසා කියලත් මතක තියා ගන්න අදහස් දැක්වු සැමටම THANKSSSSSSSSSSSSSSSS

    ReplyDelete
  7. We have no idea who is running LocalAdClick and despite the company claiming to have three websites within the business, one clearly doesn’t exist (i-Supply) and the other has nothing to do with them (ViSlim.com).
    On the one property the company does own, LocalAdClick, the website is filled with fake classified scraped from other sites and serves up Youtube videos masquerading as ‘geo-targeted’ advertising.
    There is no mention of AdStations anywhere on the LocalAdClick.com website yet this is a core part of the business model for LocalAdClick members.
    Furthermore the company will not show you their business model unless you surrender your name, email address and mobile phone number to them. Thankfully the website accepts bogus entries and you can still see their actual business model.
    Speaking of business models, LocalAdClick pay members for watching Youtube videos they claim are commissioned ads on their network and for the recruitment of others.
    Essentially the company takes in membership fees and then shuffles it around to pay out commissions to other members – the very definition of a pyramid scheme.
    Whereas most of these types of companies don’t go to much effort to hide their models, LocalAdClick have built a fairly credible looking site if you just glanced at it before you rushed out to recruit others, but upon inspection it’s obvious it’s a front to cover the true nature of the business opportunity.
    That is, pay a membership fee, recruit others, watch YouTube videos and earn money off other people’s membership fees.
    Will LocalAdClick last?
    Not a chance. Avoid this obvious scam at all costs as it’s as dodgy as they come.

    ReplyDelete
  8. උපුටා ගැනීමකි.

    ReplyDelete
  9. Word Verification අයින් කලානං ගොඩක් ලේසි වේවි මේකේ කමෙන්ට් කරන්න...

    ReplyDelete
  10. Bhanuka95 අදහස් කරන්නේ මොකක්ද කියනවද

    ReplyDelete

@www.emoneyatoz.blogspot.com-team