Saturday, November 17, 2012

ඔබටත් ලොව පිලිගත් උපාධියක් නොම්ලේ free


    අද ලිපිය ඊ මනි වලින් පිට ලියපු ලිපියක් කමෙන්ට්ස් නම් නැතත් කමක්නෑ කාටත් හොදක් වෙනවා නම් මට එ ඇති එක එක තැන් වලින් කියවපු පෝස්ට් වල සාරංශයක් වගේ මේක හරි වැඩට බහිමු විවිධ හැළහැප්පීම් මැද්දෙන් අ.පො.ස. උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වුනා එව්වා ගැන මතක් කරනවට මම නැමති නැහැ
විභාගයට පෙනීහිටපු අපේක්ෂකයන් ලක්ෂ තුනෙන් විශ්වවිද්‍යාල වලට තේරෙන්නේ බොහොම සුළු පිරිසක්. හරියටම කිව්වොත් 10%කටත් අඩු පිරිසක්. (ඒ කියන්නේ 25000 - 30000 අතර).අපේ බ්ලොග් ලියන කියවන මල්ලිලා නංගිලාටත් මේ තත්වය පොදුයි. මේ පිරිසගෙනුත් රැකියා ඉලක්ක කළ පාඨමාලා වලට ඇතුලත් වෙන්නේ මුළු අපේක්ෂකයන් සංඛ්‍යාවෙන් 1% විතර  පිරිසක් විතරයි. ඉතුරු 9%ට විශ්වවිද්‍යාලයෙන් පිටවෙලා රැකියා පෝලිමට එකතුවෙන්න සිද්ධවෙනවා. කටුක වුනත් යතාර්ථය ඒකයි. හොඳම උදාහරණය තමයි රැකියාවක් නැති නිසා උපාධිධාරින් දොස්තර වෙනුවට කොන්දොස්තර 8 පාස් නැති ඇමතියට සර් කියලා දෙකට නැමෙනවා උන්ට කටවුට් ගහනවා උන් පොර වගේ අපේ සල්ලි විනාශ කර කර ආතල් ගන්නවා උබලත් මතක තියා ගනිල්ලා මම අද ටොක් එකක් ඉදිරිපත් කරනවා හෙට මම නැති වුනොත් කියපල්ලා මේක ලිව්වේ රදිකයා කියලා 

මගේ අදහසට අනුව දේශපාලකයා කියන්නේ අහිංසක ජනතාව විසින් අහිංසක ජනතාවගේ සල්ලි විනාශ කිරීම සදහා පත් කරගන්නා කාලකන්නියන්ටයි මේකයි ඇත්ත අලුත්ම කේස් එක තමයි රජයේ ජොබ් කට්ටක් කරන්න යනවා නම් නාමල් අයියගේ කාරියාලේට ගිහිල්ලා මුර්තිට වැද වැටිලා උදේ ඉදන් කට්ට කලා එකේ රෙජිස්ටර වීම කවුරැවත් මෙවා ගැන වැඩිපුර කතාකරන්නේ නැති වුනත් විශාල පිරිසක් මේ ගැටළුවට මුහුණදෙන නිසා මම දන්න දේ ඔයාලට කියලා දෙන්නයි හදන්නේ. 


විහාගේ ප්‍රතිඵල ලේඛනය බලලා කැම්පස් යන්න සුදුසුකම් මදි කියලා දැනගත්ත ගමන් (නැත්නම් කැම්පස් එකෙන් අවුට් වුන ගමන්) අපි බලන්නේ මොකක් හරි පාඨමාලාවක් හදාරන්න. නැත්නම් කීයක් හරි හම්බවෙන ජොබ් කට්ටක් හොයාගන්න. නමුත් ඒ අවස්ථා දෙකේදිම අපි වැරදි ගොඩක් කරනවා කියලා මට හිතෙනවා.

ප්‍රතිඵල නිකුත්වුනාට පස්සේ අපි දැන් කෝස් එකක් කරන්න ලෑස්තිවෙන වෙලාව. මොකක් හරි හොඳ කෝස් එකක් කරන්න තමයි කාගෙත් කල්පනාව. එහෙම හිතුවට මොකද මොනවගේ කෝස් එකක්ද කරන්නේ කියලා අපිට අදහසක් නෑ. ඒ ගැන දන්න නිසාම විවිධ පාඨමාලා පවත්වන ආයතන සතිඅන්ත පත්තර වල පිටු ගනන් එයාලගේ දැන්වීම් පළකරලා තියෙනවා. (සැකයිනම් හෙට උදේම පත්තරයක් අරන් බලන්නකෝ). දැන් ඉතින් අම්මලා පුතාලා ඔක්කොම එකතුවෙලා අර දැන්වීම් කියව කියව කෝස් හොයනවා. හොයන්නේ ඉහලම ගානක් අයකරන ඒවා. රැකියාවක් ඉලක්ක කරපු ඒවා නෙමෙයි. අනිත් එක එක ක්ෂේත්‍රයකට අදාල නැති පාඨමාලා කීපයක්ම කරන්න පටන්ගන්නවා. උදාහරණයක් විදියට Chartered Accountancy කරන ගමන් Law entrance කරනවා. නැත්නම් විශ්වවිද්‍යාලෙදි රංගකළාව කරන ගමන් Software engineering කරනවා. නැත්නම් එකම කෝස් එක තැන් කීපයක කරනවා. කිසිම අරමුණක් නෑ. අල්ලපු ගෙදර ළමයා කරපු නිසා, පත්තරේ තිබුන නිසා, අහවලාට හොඳ ජොබ් එකක් ලැබුන නිසා අපි කෝස් කරනවා.

නමුත් ඒකෙන් ගොඩක් වෙලාවට වෙන්නේ අතේ තියෙන සල්ලි ටික නැතිවෙන එක විතරයි. ඒ නිසා පාඨමාලාවක් කරන්න කලින් මම කැමති මොන ක්ෂේත්‍රයේ රැකියාවක් කරන්නද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඒ තැනය යන්න අවශ්‍ය සුදුසුකම් මොනවාද කියලා හොයලා බලන්න. ඒ සුදුසුකම ඩිප්ලෝමාවක්නම්, සහතිකයක්නම් වැඩිපුරම පිළිගන්නා ආයතනයෙන් ඒ සහතිකය ලබාගන්න උත්සාහ කරන්න. තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ පිළිගත්ත ආයතන, රාජ්‍ය විශ්වවිද්‍යාල වගේ ආයතන වල පාඨමාලා වලට හොඳ පිළිගැනීමක් තියෙනවා. එහෙම නැත්නම් SCJP, ICDL, EDEXCEL, ESOL, CITY & GUILDS වගේ ජාත්‍යන්තර සහතිකයක් ලබාගන්න. අනිත් කාරණය තමයි පුහුණුව. න්‍යායික දැනුම විතරක් දෙන ආයතන රාශියක් තියෙනවා. නමුත් අද ලෝකයේ පිලිගැනීම තියෙන්නේ ප්‍රායෝගික කුසලතා වලට. ඒ නිසා ප්‍රායෝගික පුහුණුව කොයිතරම් ලබාදෙනවද කියලත් හොයලා බලන්න අමතක කරන්න එපා.තව එකක් මතක තියා ගන්න පාලි උපාධියක් කොරලා දොස්තර කම හොයන්න එපා එවා ගැලපෙන්නෙ පංසලට එක නිසා පනින්න පෙර හිතලා බලන්න හොදේ පස්සේ ජොබ් නැ කිය කිය මහින්ද ගේ අම්මට බනින්න එපා 

අනිත් කාරණය තමයි රැකියාවකට යාම. අපි ෆේල් කියලා දැනගත්ත ගමන්ම අපි රුපියල් පන් හය දාහක් දෙන රස්සාවක් හොයාගන්නවා. ටික කාලෙකින් එතන හොද නෑ කියලා වෙන තැනකට යනවා. කිසිම අරමුණක් නෑ. පඩි දෙන නිසා රැකියාව කරනවා. දියුණුවක් ගැන හිතන්නේ නෑ. ඒ ලෙවල් හරි ඕ ලෙවල් හරි ලියපු ගමන් රස්සාවකට යනවානම් තවදුරටත් ඉගෙනගන්න අවස්ථාවක් තියෙන ජොබ් එකක් හොයාගන්න. ඒ වගේම තමන්ට ගැලපෙන, මම මේ ක්ෂේත්‍රයේ ඉස්සරහට යන්න කැමතියි කියලා හිතෙන රැකියාවක් හොයාගන්න. රැකියාවකට යන්නේ ආර්ථික ගැටළු නිසා නම් ඊට වඩා හොඳ විකල්පයක් උත්සාහ කරලා බලන්න. සමහර පාඨමාලා තියෙනවා ඉගෙනගන්න ගමන් යම් මුදලක් ලැබෙන රැකියා. විශේෂයෙන් හෝටල්, ගරාජ් වගේ අංශ වල. ඒ වගේ දෙයක් කළොත් වැඩ දෙකම කෙරිලා තියෙයි.කවදාවත් ගත්ත පඩියෙන් කැල්ල එක්ක රවුම් ගහලා බිලා විනාස කරන් එපා ඉතිරි කරගන්න මතක තියා ගන්න ආයතනයේ ඉන්න ලොක්කලා බලන්නේ පුලුවන් තරම් අඩු මුදලට වැඩ ගන්නයි අපිට හෙන ගැහුවත් කමක් නැහැ උගේ වැඩේ කර ගත්තම ඇති මොකද උගේ පුතා IIT SLIIT හරි UK,USA,CANADA,NEW ZELAND AUSTRALIA, වගේ හොද රටක් ඩිග්රි එකක් කරනවා ඇති අධ්‍යාපනය කරන අතරේ තුප්පහි පඩියට වැඩට යන අපිට එකේ ලොක්කලා මරවා මරවා වැඩ ගන්නවා මොකද එකේ වැඩ කරන එකෙක් ගේ OT එකට වැඩිය අපේ පඩිය අඩුයි ඔවාට අහුවෙන්න එපා මැනේජරලා උන් දන්නේ අපි මරවන්න තමයි.................lol මේ හැම දේකටම මුල අපේ දුප්පත්කම අපේ දුප්ත්කමෙන් උන් වැඩ ගන්නවා බලන්න ගාමන්ට් අක්කගේ වැටුප කියද කියලා එතකොට අර තඩි බඩක් තියෙන සිල්වා මමගේ සැලරිය කියද අක්කා එවා රට යවලා කියක් හරි ලංකාවට ගේනවා එත් අරැ කැලේ සත්තු ටික මරනවා අපේ සල්ලි විනාස කරනවා අනේ මේවා කාට කියන්නද හරි මේක බලන කස්ට්ය එක එක වයස්වල දුප්පත් පොහොසත් කට්ටිය ඇති හරි වැඩට බහිමු ඔයාලා කවුරැත් අඩුම තරමේ O/L වත් කරලා ඇති හරි බලමු කෝස් ට්ක Q =A විදියට අපි කථා කරමු 


ලංකාවේ කාටත් රැකියාවක් තියෙනවද?    = නෑ (තුප්පහි පඩියට නෙමේ

ආසම කරන රැකියාවද කවුරැත් කරන්නේ  = නෑ

සුදුස්සාට සුදුසු තැන දිලා ද? = නැ (ඇමතියා තමා එක දන්නේ)

පුරප්පාඩු තියෙනවද = ඔව්

එහෙනම් ඇයි මේ විරැකියාව?

ඒකට හේතුව තමයි රැකියා සදහා අවශ්‍ය සුදුස්සන් නොමැතිවීම. ඒ කියන්නේ අපට රැකියාවකට යන්න සුදුසු මට්ටමේ කුසලතා නෑ කියන එක. ගොඩක් ආයතන ඉල්ලන්නේ උපාධිය නෙමෙයි. කාර්මික කුසලතා, සන්නිවේදන කුසලතා, කළමණාකරන කුසලතා, ඉංග්‍රීසි වගේ භාෂා දැනුම, පරිගණක දැනුම වගේ දේවල්. රැකියා සදහා A/L ප්‍රතිඵල එකම සුදුසුකම වුන යුගය අවසන්වෙමින් යනවා. රැකියා සපයන්නන් අපෙන් බලාපොරොත්තු වෙන්නේ අ‍පේ හැකියාවන් විතරයි. සහතික නෙමෙයි.

ඒ නිසා ඒ ලෙවල් නැති නිසා ජීවිතෙන් වැඩක් නෑ කියලා හිතන්නේ නැතුව තමන්ගේ කුසලතා වර්ධනය කරගන්න උත්සාහ කරන්න. මොකද අපි ගාව විකුනන්න පුළුවන් කුසලතා තියෙනවානම් අපිව රැකියාවට ගන්න ඕනෑතරම් අය ඉන්නවා. මේ කතාව ඒ ලෙවල් අයට නෙමෙයි ඕනෑම කෙනෙකුට වැදගත්. 

දැන් අපට ලියන්න, කියවන්න බැරිවුනත් එතන ඉදලා පටන්ගන්න පුළුවන්. 8 වසර සමත්නම් NAITA වගේ ආයතනවල පිළිගත් පාඨමාලා වලට බැදෙන්න පුළුවන්. තව ඒ වගේ ගොඩක් අවස්ථා තියෙනවා.

ඒ විතරක් ද කවුරැ කොහොම කිව්වත් අපේ ජනාධිපති උසස් අධ්‍යාපනය ගැන හිතලා තියෙනවා හැම ජරාවම බේරේ වැවට වගේ ජනාධිපතිට විතරක්ම බැනලා වැඩක් නැහැ ගොඩක් අය මේවා ගැන දන්නේ නැති එක තමයි අවුල

 වෘත්තිය පුහුණු ආයතන කාර්මික විද්‍යාල රට පුරාම තියෙනවා මගේ පෝස්ට් එකේ මම දාන්නම හිටිය දේ තමා මේක ගොඩක් අය කියනවා සල්ලි නැත්නම් හොද ඩිග්රි එකක් ගන්න බැහැ කියන මතේ නැහැ ඔන්න දැන් උසස් තාක්ෂණ ආයතනයට කස්ටිය බදවා ගන්නවා ඔයාලත් දාන්න ඇත්තටම ජෙබ් ෂුවර් මේක කරපු අපේ අයියා කෙනෙක් තමා මට කිව්වේ මම මේ ඇඩ් එකට ලියනවා නෙමේ මම ඔයාල ගැන හිතලා ලියන්නේ එයාට දැන් 65000 වගේ පඩියක් ලැබෙනවා මිනිහා Phd එකට UK  යන්න ඉන්නේ ආ ඔයාලත් මේ සයිට් වලින් මේක ගැන විසතර හොදට බලන්න http://www.sliate.net/ati.htmමේවායි ඇති වැඩි විස්තර ඇති IT.Business management English වගේ ගොඩක් කොස් තියෙනවා බොරැවට සල්ලි වියදම් නොකර ඉගෙන ගන්න නිකං දුන්නට ඔවා අපේ අහිංසක මිනිස්සුනගේ සල්ලි හොදේ එහෙනම් කාටත් හොද ජොබ් එකක් ලැබේවා කියලා පතනවා 


2 comments:

@www.emoneyatoz.blogspot.com-team